ජනක තමන්ගේ ව්‍යාපාරවල විදුලි බිල වැඩි කළේ නෑ..! ඒ බරත් ජනතාව පිට දාලා…! – කාංචන…

December 8, 2022 at 12:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක හෝටල් ජාලයක හා නිවාස සංකීර්ණ කිහිපයක හිමිකාරුවෙකු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ හේතුවෙන් විදුලි ගාස්තු වැඩි කිරීමේ දී එම ක්ෂේත්‍රයන්ට අඩුවෙන් මිල වැඩි කිරීම සිදුකර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

විදුලි බිල වැඩි කිරීම සඳහා රජය විසින් නීත්‍යානුකූලව දෙනු ලබන යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට පැහැර හැරීමට නොහැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ උදේනි වික්‍රමසිංහ (කොමිසමේ උප සභාපති), චතුරිකා විජේසිංහ සහ හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මොහාන් සමරනායකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *