ඡන්ද පත්‍රිකාවේ රට හදන මාලිමාවයි රට කෑ එවුන්ගේ ලකුණකුයි තිබ්බ නම් ඇති..!

March 3, 2023 at 9:14 am | by emanisa.lk

පළාත් පාලන ඡන්දය කල් දමන ලෙස ආණ්ඩුවේ ප්‍රධානීන් හමු වී ඉල්ලීම් කළේ සමගි ජන බලවේග නායකයින් බව ජාතික ජන බලවේගය පවසයි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ පරිදි, ජනාධිපතිවරයාට අගමැතිවරයාට අධිකරණ ඇමැතිවරයාට අදාළ ඉල්ලීම් යොමු කළේ තමන් නොවන බව ද හෙතෙම අවධාරණය කරයි.

ඉදිරි මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනු ඇතැයි අද සියලු පාර්ශ්ව භීතියට පත්ව ඇතැයි සඳහන් කළ නලින් ද ජයතිස්ස, රට විනාශ කළ එම සියලු දෙනා සඳහා එක් සලකුණක් ද අනික් පාර්ශ්වය සඳහා මාලිමාව ද ඡන්ද පත්‍රිකාවේ මුද්‍රණය කළ යුතු බව ප්‍රකාශ කළේය.

එවිට මැතිවරණ දෙපාර්තමේන්තුවට ඡන්ද පත්‍රිකාව කුඩා කොට විශාල මුදලක් ඉතිරිකරගත හැකි බව ඔහු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *