ඡන්දේ අරන් පුංචි මිනිස්සු අහක දාන්න එපා..! සණස නිර්මාතෘ ජනපතිගෙන් ඉල්ලයි…

November 29, 2023 at 12:30 pm | by emanisa.lk

රට හදන්න බලය ඉල්ලූ සෑම අවස්ථාවකම මහ ජනතාව අත දිගහැර ඔබතුමාලාට බලය දුන්නත් අන්තිමට ඉතුරු වී තිබෙන්නේ මොන වගේ රටක් දැයි ආපසු හැරී බලන්නැයි ස.ණ.ස. නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙනිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඉල්ලා සිටියේය.

ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (28) පැවති 2023 සණස ජාතික සම්මේලනය අමතමිනි.

“වෙනස් වෙන්න කල්පනා කළේ නැත්නම් මේ රට වෙනස් කරන්න බැහැ. අපේ ස.ණ.ස. සමිතියක ගණපූර්ණය තුනෙන් එකක් ඉන්න ඕනෑ රැස්වීමක් තියන්න නම්. ඒත් පාර්ලිමේන්තුවේ 225න් ගණපූර්ණය 20 ක් හිටියාම ඇති. ඒ 20ත් එන්නේ නැහැනේ.

පුංචි මිනිස්සුන්ට ඉඩක් දුන්නොත් ඒ අයගෙන් රට හදන්න විශාල දායකත්වයක් ගන්න පුළුවන්. ඒ අයගේ ඡන්දෙ විතරක් අරන් අහක දමන්න එපා. අපි සණස ගොඩනැගුවේ පුංචි මිනිස්සුන්ගෙන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *