ඡන්දෙන් පැරදුණු බෑනා ව්‍යවස්ථාවෙන් ජනාධිපති වෙයි කියලා ජේ.ආර්වත් හිතුවේ නෑ…! – ඩලස්…

October 22, 2022 at 6:36 am | by emanisa.lk

තමාගේ බෑනා ඡන්දෙන් පැරදී තමාගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවේ යැයි ජේ.ආර් නිකමටවත් සිතන්නට නැතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී පැවසීය.

“අවුරුදු 44කට පෙර ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව හදන වෙලාවේ මෙවැනි දෙයක් වේයැයි නොසිතන්නට ඇති බව ද අලහප්පෙරුම මහතා පැවසීය.

ව්‍යවස්ථාව හදා අවුරුදු 44කට පසු ජේ.ආර් ගේ බෑනා  මහ මැතිවරණයෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් අගමැති වී ජනාධිපති වූයේ ව්‍යවස්ථාව නිසා බවද ඩලස් අලහප්පෙරුම සඳහන් කළේය.

මෙවැනි විකෘති අනාගතයේ ඇති නොවන විදියට  පැලැස්තර ඇලවීමකින් ඔබ්බට ගොස්  රටේ ජනතාවට පක්ෂපාතී ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගන්නට  සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු බවද  ඩලස් අලහප්පෙරුම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *