චෝදනා නිසා පොලිස් නිලධාරීන්ගේ අයිතිවාසිකම් කැඩිලා…! මාස 06ක් ඇතුළත චෝදනා විභාග නොකළොත් නිලධාරීන් නිදහස්…! – පොලිස් ඇමැති….

October 16, 2021 at 3:49 pm | by emanisa.lk

මාස හයක් ඇතුළත විභාග නොවන චෝදනා පත්‍ර ස්වයංක්‍රීයව අවලංගු වන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනට එක් වෙමිනි.

“පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටිල තියෙනවා, තමන්ගේ රාජකාරිය හරියට කරන්න ගිහිල්ලා. ඒ වගේ අය පිළිබඳ සොයා බලලා ඔවුන්ට සහනයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

ඒ වගේ ම දීර්ඝකාලීන චෝදනා පත්‍ර තියෙන සමහරු ඉන්නවා. සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට තිස් පස් දෙනෙකුට මෙම චෝදනා පත්‍ර නිසා උසස්වීම් නොලැබෙන තත්ත්වයක් තිබ්බා. මේ තත්ත්වය උදාවෙලා තිබ්බේ අපේ යාන්ත්‍රණයේ තිබ්බ අඩුපාඩුකම් නිසා.

අපේ අමාත්‍යංශ ලේකම්තුමයි, පොලිස්පතිතුමයි දැන් මේ පිළිබඳ විශ්ලේෂණය කරගෙන යනවා. මීට අමතරව ආයතන සංග්‍රහයට අනුව මාස හයක් ඇතුළත එම චෝදනා පත්‍ර විභාග කර අවසන් කළේ නැත්නම් ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස