මේ වන විට බුදු දහම සෑම අතින් ම තර්ජනයට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මෙවැනි අවස්ථාවක කළ යුත්තේ පන්සල් පද්ධතිය සහ මහා සංඝ රත්නය රැක ගැනීම බවයි, ඔහු සඳහන් කළේ.
මේ වන විට රට පුරා චෛත්‍ය 12ක් ඉදිකර සසුනට පූජා කොට ඇති බව ප්‍රකාශ කළ විපක්ෂ නායකතුමා සඳහන් කළේ දිස්ත්‍රික්කයට 40 බැගින් චෛත්‍ය 1000ක් තැනීම සිය අරමුණ බවයි.
පන්සලට ගොස් මල් පූජා කළේ යැයි ප්‍රතිවාදීන් සිය පියාට පුෂ්පකුමාර යැයි නම් පටබැඳ එම ශාසනික සේවාව නතර කරලීමට දැරූ උත්සාහය එදා මෙන් ම අද ද සාර්ථක නොවන බවයි, සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ.
ජලනි දෛත්‍යා ප්‍රේමදාස වෙත “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී” ගෞරව නාමය ප්රදානය සඳහා කහගොල්ල, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරයේ දී අද (17) පැවැති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කීවේය.