චීන රාජතාන්ත්‍රික එක්දින සංචාරයට PCR විතරයි! දින 28 නිරෝධායන නීති නෑ!

October 9, 2020 at 9:54 am | by emanisa.lk

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ යෑන් ජෙයිසි (Yang Jiechi) ඇතුළු චීන රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ඊයේ (08) රාත්‍රියේ ලංකාවට පැමිණ ඇත.

මෙම රාජ දූත පිරිස නිරෝධායන කිරීමකින් තොරව රටට ඇතුල්වීමට අවස්ථාව ලැබිණි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ එම කණ්ඩායම චීන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් වන බවත් දිනක රාජතාන්ත්‍රික සංචාරයක් සඳහා පැමිණෙන මෙම පිරිස නිරෝධායන කටයුතු සිදු නොකරන බවත්ය.

කෙසේ වුවද එම පිරිස චීනයේ දී මෙන්ම ලංකාවේ දී ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරන බවත් නිසි නිරෝධායන නීති අනුව අදාළ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවත් එහි දී අනාවරණය විය.

මෙම පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සමග පමණක් විශේෂ සාකච්ජාවකට සහභාගී වීමට නියමිතය.

මෙම දූත පිරිස බාහිර සමාජය සමග නොගැටෙන අතර අදාළ සාකච්ඡාවලින් පසු නැවත සිය රට බලා යාමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස