චීන පොහොර නැව ප්‍රමිති ආයතනයෙන් පාස් කළා…! ශාඛ නිරෝධායන ආයතනයෙන් ෆේල් කළා…! මේක සැලසුම්සහගත කුමන්ත්‍රණයක්…! – රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර….

November 26, 2021 at 7:07 pm | by emanisa.lk

වී ගොවීන්ට නිසි වෙලාවට කාබනික පොහොර ලබා දීමට නොහැකි වූයේ පදනම් විරහිත සැලසම් සහත අභූත චෝදනා නිසා බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

පොහොර තොගය සමග දින 70ක් තිස්සේ චීන නැව මුහුදු නවතා තිබෙන බවත් දුකේදිත් සැපේදිත් අපට සිටි චීන මිතුරා අප සමග විරසකව ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.

පක්ෂ විපක්ෂ මාධ්‍ය ද නිලධාරීන්ට ඊට වගකිව යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ඇනවුම් කළ පොහොර තොගවලින් එකවර ලබා ගත් පොහොර සාම්පල දෙකක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සහ ශාඛ නිරෝධායන ආයතනයට යැවූ බවත් ප්‍රමිති ආයතනය අනුමැතිය ලබා දෙන විට ශාඛ නිරෝධායන සේවය එහි ක්ෂුද්‍ර ජීවීන් ඇතැයි ප්‍රකාශ කළ බවත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පෙන්වා දෙයි.

එකම රජයක් යටතේ ක්‍රියාත්මක වන ආයතන දෙකක් එකිනෙකට පරස්පර සහතික නිකුත් කරන විට චීන රජය වේදනාවට පත්ව ඇති බවත් ඉදිරියේ දී කවර තීන්දුව ගත්ත ද දෙරටේ මිත්‍රත්වය පළුදු නොවිය යුතු බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ අද (26) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස