චීනය හමුදා පාලනයට…! ජනපති නිවාස අඩස්සියේ…!

September 25, 2022 at 9:37 am | by emanisa.lk

චීන ජනාධිපති ෂී ජින්පින්ග් නිවාස අඩස්සියේ තබා ඇති බවට සමාජ මාධ්‍ය පුවතක් පැතිර යන අතර ඒ පිළිබඳව චීනය නිල වශයෙන් ප‍්‍රකාශයක් නිකුත් කර නැත.

චීනයේ මහජන විමුක්ති හමුදාවේ ප්‍රධානියා ඉවත් කර ඇති බවත් චීනයේ අගනුවර වන බීජිං මේ වන විට හමුදාවේ පාලනය යටතේ පවතින බවට සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

මෙය සිදු වන්නේ හිටපු ඉහළ ම ආරක්ෂක නිලධාරියෙකුට චීන අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමෙන් දිනකට පසුවය.

ඔහු චීන ජනාධිපතිට විරුද්ධ දේශපාලන කණ්ඩායමක සාමාජිකයෙක් යයි විශ්වාස කෙරේ. මෙම කණ්ඩායමට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එලෙසම අත්හිටවූ මරණ දණ්ඩනය නියම වූ අතර තවත් තිදෙනෙකුට මේ සතියේ සිරදඬුවම් නියම විය.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ ලී ක්වොන්මින්ග් චීන ආණ්ඩුවේ බලය අල්ලා ගෙන ඇති බවයි. ඉන්දියානු දේශපාලනඥයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමී පවසන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ද සහය ඇති ව ෂී ජින්පින්ග් බලයෙන් පහ කර ඇති බවට පුවත් වාර්තා වන බවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *