චීනය නැවතත් දුෂ්කර මොහොතේ ශ්‍රී ලංකාවේ පිහිටට එයි…! දැවැන්ත චීන මාළු වෙළෙඳපොළට මාළු අපනයන අවස්ථාව…!

June 17, 2021 at 2:54 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මාළු නිෂ්පාදන චීනයට අපනයනය කිරීම සඳහා චීන රේගු පරිපාලනය අවසර දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මාළු අපනයනකරුවන්ට දැවැන්ත චීන වෙළඳපොළ විවෘත වෙයි.

මෙතෙක් බටහිර රටවලට සීමා වූ ලංකා මාළු වෙළඳපොළට මෙලෙස ආසියාවේ ද අවස්ථා ලැබීම එහි ප්‍රගමනයට හේතු වනු ඇත. මේ වන විට ශ්‍රී ලංකාව ටින් මාළු නිෂ්පාදනයෙන් ද ස්වයංපෝෂිත වීමට ආසන්න වී තිබේ.

සුදුසු අපනයනකරුවන්ගෙන් චීනයට අයඳුම්පත් කැඳවන බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP සහනය අහෝසි කරන බවට යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීම් ලැබෙන පසුබිමක චීනය මෙම අවස්ථාව ලබා දීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස