චීනයේ ලංකාවට වඩා විශාල මුස්ලිම් ප්‍රාන්තයෙත් ආදාහනය පමණයි…! රජය ක්‍රියාත්මක කරන්නේ රටේ සෞඛ්‍ය අංශ නිර්දේශයයි…! – UN කමිටු නිර්දේශ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා රජය කියයි….

January 26, 2021 at 10:32 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙසට එක්සත් ජාතින්ගේ සංවිධානය කර ඇති ඉල්ලීම රජය අද (26) ප්‍රතික්‍ෂේප කළේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සිව්දෙනෙක් විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ කොවිඩ් මළ සිරුරු ආදාහනය කිරීම මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතිකයින්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි.

කොවිඩ් ආසාදිත හෝ සැක කෙරෙන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම එකම විකල්පය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සැලකුව ද එම සිරුරු මිහිදන් කිරීමෙන් වෛරස ව්‍යාප්තිය ඉහළ යන බවට කිසිදු රටකින් විද්‍යාත්මකව තහවුරු වී නොමැති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

කෙසේ වුව ද රජය ක්‍රියාත්ම කරන්නේ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් බව සඳහන් කළ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කළේ එය ජාතිවාදී පදනමකින් ගත් බවට නැඟෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

චීනයේ ශ්‍රී ලංකාවට වඩා විශාල ප්‍රාන්තයක මුස්ලිම් ජනතාව ජීවත් වන බවත් එහි දී ක්‍රියාත්මක වන්නේ ආදාහනය බවත් ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *