චීට් එකෙන් ලයිට් ඕෆ් කරන යුගයක් එන එක අපි වැළැක්කුවා…! ඒ නිසා ජනතාවට හුස්ම ගන්න පුළුවන්…! – මනූෂ නානායක්කාර…

November 7, 2023 at 9:11 am | by emanisa.lk

කොරෝනා ව්‍යසනයෙන් පසු රට තුළ ඇති වූ ආර්ථික ව්‍යසනයෙන් ගොඩ ඒමට ඇත දුන්නේ විදේශ ශ්‍රමිකයින් බවත් අද දවස වන විට ගෑස්, විදුලිය මිල ඉහළ ගියත් ජනතාවට හුස්ම ගැනීමට හැකියාව ලැබී තිබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

කෙසේ වෙතත් අද දවස වන විට රට යම් ආර්ථික ශක්තියක් ඇත්තේ විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ නිසා බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

එම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ සංචාරක කර්මාන්තයෙන් හෝ ඉපයිය නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

”කොරෝනාවෙන් පස්සේ අපිට තෙල් ටික ගහගන්න බැරි තත්ත්වයට පත්වුණා. තෙල් පෝලිම්වල මිනිස්සු මරුණා. ගාල්ලේ තවලමේදී බට්ටා ලොරියක් ඇතුලේ අපේ වැඩිහිටියෙක් මරණයට පත්වුණා. තෙල් පෝලිම් වල ගහගත්තා. ඒ නිසාම ව්‍යපාරිකයින් මේ රට දාලා ගියා. වෘත්තිකයින් රට දාලා යන්න පටන්ගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව ගහලා මරලා දැම්මා. ගෙවල් ගිනි තිබ්බා. ඒත් මේක පටන් ගත්තේ තෙල්, ගෑස් නැති වුණ එකෙන්. එතනිනුයි ජනතාව පාරට බැස්සේ. මැද පන්තියේ සිට සියලුම දෙනා පාරට බහින්න ගත්තේ තෙල්ටික,ගෑස් ටික නැතිවෙනකෙටයි. විදුලිය කපනකොටයි. ජනතාවට කිසිම දෙයක් කරගන්න බැරිවුණා. දරුවන්නට පාඩම් කරන්න බැරි වුණා.

තෙල් නැව මුහුදේ තිබිලා තෙල් ටික රට ඇතුළට ගේන්න බැරි වුණා. ඒ වෙලාවේ නැව රට ඇතුළට ගේන්න ඩොලර් මිලියන 50ක් නැතිව කරකියා ගන්න දෙයක් නැතිව හිටියේ.

ඒත් අපිට දැන් එහෙම තත්ත්වයක් මතකත් නැහැ. අපි අද පඩි වැඩි කරන්න කියලා ඉල්ලනවා. ඒත් එදා ආපු විදිහට පාර්ලිමේන්තුවත් ගිනි තියලා දැම්මා නම් මේ ව්‍යාපාර කරන්න පුළුවන් වෙයිද? එහෙම වුණා නම් නැවතත් චිට් එක දුන්නාම ලයිට් එක ඕෆ් කරන්න වෙන යුගයක් ඇති වෙන්න ඉඩ තිබ්බා. ඒක අපිට වෙනස් කරන්න හැකිවුණා. ඒ අපිට තෙල් ගෙන්න සල්ලි එවපු විදේශ ශ්‍රමිකයන් නිසයි.

අද වෙනකොට ඩොලර් බිලියන 7.5ක් විදේශගත ශ්‍රමිකයන් එවලා තියෙනවා. අපිට අයි.එම්.එෆ් එකෙන් ලැබෙන්නෙත් ඩොලර් බිලියන 2.8ත් බිලියන 3ත් අතර ප්‍රමාණයක්. අපේ අපනයන ආදායමේ මුළු එකතුවත් විදේශ ශ්‍රමිකයින් එවන මුදලට සමාන කරන්න බැහැ.

මේ රටට එකදු සංචාරකයෙකුවත් ආවේ නැති රටක්. අද වෙනකොට මිලියනකට අධික පිරිසක් ඇවිත් තියෙනවා. ඒත් අපේ රටේ ප්‍රධාන විදේශ ආදායම එන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඒකට සමාන කරන්න වෙන කිසිම ආදායමක් නැහැ.

අපේ රටට සල්ල එවන්න එපා කියලා කයිවාරු නායකයින් කිව්වා. ඒත් අපේ ජනතාව රටට සල්ලි එව්වා. ඒ අය සල්ලි එවලා තෙල් ටික ගහන්න ලැබෙනවා.

ලබන වසරේ ජුනි ජුලි මාස වෙනකම් අපිට තෙල් ටික ගෙන්වා ගන්න අදාළ ගිවිසම් ගත වෙන්නත් අපිට දැන් හැකියාව ලැබිලා තියෙනවා. බෙහෙත් ටික ගෙනාවා. ගෑස් තියෙනවා ලයිට් තියෙනවා. ඒත් මිලයි. ඒවා නැතිවෙන එකද හොද නැත්තම් ඒ අයාතන පවත්වාගෙන යන්න පුළුවන් විදිහට කරගෙන යන එකද හොද?

අඩුම තරමේ ජනාතවට හුස්ම ගන්නවත් පුළුවන් වෙලා තියෙනවා. ඒත් ඒ තැනට එන්න පුළුවන් වුණේ විදේශගත ශ්‍රමිකයින් දැක්වූ සහය නිසයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස