චමුදිත කට නිසා ආයෙමත් අමාරුවේ වැටෙයි…! අදත් කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි…!

July 14, 2021 at 7:37 am | by emanisa.lk

හිරු රූපවාහිනී නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහනේ දී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය හරහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරයි.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නියෝගයක් මත මෙම පරීක්ෂණය පැවැත්වෙන බව වාර්තා වෙයි.

මේ අනුව හෙට (14) දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස චමුදිත සමරවික්‍රමට දැනුම් දී තිබේ. පිළියන්දල පොලිස් ස්ථානය ඔස්සේ මෙම දැනුම්දීම සිදුකර තිබේ.

අදාළ රූපවාහිනී වැඩසටහනේ දී නිරෝධායන වැඩසටහන පිළිබඳව චමුදිත සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව මෙම පරීක්ෂණය පැවැත්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *