චමුදිත අධිකරණයට අපහාස කළා…! නිරෝධායන නීති උල්ලංඝනය කළා….! ඔහුට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න…!  – චන්දිමාල් නඩු මඟට….

June 9, 2021 at 1:42 pm | by emanisa.lk

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අධිකරණයට අපහාස කළ බවට සහ නිරෝධානය නීති උල්ලංඝනය කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ නීතිඥයන් විසිනි.

චන්දිමාල් ජයසිංහගේ නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කළ උපන් දින සාදයට සහභාගී වූ පිරිසට අධිකරණයෙන් ඇප ලබාදීම චමුදිත සමරවික්‍රම විසින් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා විවේචනය කළ බවයි. මේ හරහා ඔහු අධිකරණයට අපහාස කර ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.

මීට අමතරව මුව ආවරණ නොමැතිව හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් චමුදිත සමරවික්‍රම සම්මුඛ සාකච්ඡා සිදු කරන බවට ද පැමිණිල්ලක් සිදුකර තිබේ.

මංජු ශ්‍රී චන්ද්‍රසේන පවසන්නේ මාධ්‍යවේදියාට එරෙහිව නඩු පැවරීමට ද තම සේවාදායකයා තීරණය කර තිබෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *