චතුරිකා පීරිස්ට කොරෝනා… තවත් නළු නිළියන් 14කට ආසාදිතයි!

November 27, 2020 at 10:55 pm | by emanisa.lk

ජනප්‍රිය නිළි චතුරිකා පීරිස්ට කොරෝනා ආසාදනය වී ඇති බව ඔහුගේ සැමියා වන ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් පවසයි.

චතුරිකා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් අගේ තත්ත්වය අයහපත් නොවන බවත් පවසන ගයාන් තමා සහ දරුවා නිවසේ නිරෝධායනය වන බව සඳහන් කරයි.

මෙම රෝගය සැඟවීමේ උවමනාවක් නැති බවත් කිසියම් රෝග ලක්ෂණයක් ඇත්නම් අදාළ පරීක්ෂණ සඳහා සහභාගී වී ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට තවත් නළු නිළියන් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස