ගෝල්ෆේස් අරගල නියමුවා සියදිවි නසාගනී..! සිරුර මුල්ලේරියාවේ බෝඩිමක…!

April 19, 2023 at 7:27 pm | by emanisa.lk

අරගලේ ප්‍රධාන ක්‍රියාකරුවකුගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මුල්ලේරියාව බෝඩිමකින් සොයාගත් බව මුල්ලේරියාව පොලීසිය කියයි.

ඔහු නාත්තන්ඩිය මයිලව දුටුගැමුණු මාවතේ පදිංචි බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති (28) හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය පෙරළා දැමීම සඳහා ක්‍රියාත්මක ගාලු මුවදොර අරගලයේ පෙරමුණේ සිටි ක්‍රියාකරුවකු බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

ගෝල්ෆේස් අරගලයේ පළමු අට්ටාලය ඉදි කළ පුද්ගලයා මොහු බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති සංගීත ප්‍රසංගයක නිවේදකයා වූයේ ද මොහු බවත් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *