ගෝල්ෆේස් අරගලකරුවන් පොහොට්ටුවට එකතු කර ගත යුතුයි…! – මහින්ද….

September 10, 2022 at 5:48 pm | by emanisa.lk

ගෝල්ෆේස් අරගලකරුවන් ද එක්කර ගනිමින් දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධානය යොමු කළ යුතු බව එම පෙරමුණේ නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, අරගලකරුවන් සමග සාකච්ඡා කර එම අරගලකරුවන් තම පක්ෂය සමග එක්කර ගැනීමට හැකි නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ ඉහළ නායකයන්ට උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලගැන්වීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති නිසා එහි මූලික කාරණාවක් ලෙස අරගලකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කළ හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට ද මහින්ද රාජපක්ෂ පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් හා පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *