ගෝඨා වගේ එළෙව්වා වගේ රනිල් යවන්න බෑ…! – හිරුණිකා..

January 17, 2023 at 4:32 pm | by emanisa.lk

පසුගිය සමයේ ජනාධිපති අගමැතිවරුන්ගේ නිවෙස්වලට ගොස් පොලිසිය සමග රණ්ඩු වී දැන් ගෙදරට වී සිටින්නට අපහසු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

ගෝඨා – මහින්ද ගෙදර යැවීමට මූලික තමාගෙන් හැමෝම අසන්නේ රනිල් යවන්නේ කෙදිනක දැයි කියා බවයි, ඇය සඳහන් කළේ.

ගෝඨා යැවූ ආකාරයට රනිල් යවන්න බැරි බවත් රනිල් යැවිය යුත්තේ ඔළුවෙන් බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි.

ගෝඨාභය රාජපක්ෂ තමන් අත්අඩංගුවට ගෙන මර්දනය කරනු ඇතැයි සිතුව ද සියලු ම නීති ක්‍රියා මාර්ග ගනිමින් මර්දනය දියත් කළේ රනිල් වික්‍රමසිංහ බව ද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *