ගෝඨා බලවත් කළ 20ට සහාය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට කිසිදා සමාව දෙන්නේ නෑ….! – මරික්කාර්….

February 15, 2021 at 3:29 pm | by emanisa.lk

ඒකාධිපති ව්‍යවස්ථාවක් වෙනුවෙන් තුනෙන් දෙකක බලයක් ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ජනතාවගෙන් දැන් සමාව ඉල්ලා පලක් නොවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

ඔවුන්ට ජනතාවගෙන් හෝ සමගි ජන බලවේගයෙන් කිසිදු සමාවක් හිමි නොවන බව ද මරික්කාර් අද(15) ප්‍රකාශ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මුස්ලිම් ජනතාවට හෝ රටට ආදරය කරා නම් කිසි විටෙකත් ඔවුන් මෙවැනි තීන්දුවක් නොගන්නා බවත් බොරු බේගල් ඇද බා යළිත් ජනතාව අන්දන්න එපා යැයි එම පිරිසෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මුස්ලිම් ජනතාවගේ දුක විකුණා බලයට පැමිණ දේශපාලනයයි ආගමයි පටලවා ගන්න එපා යැයි එම පිරිසෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *