ගෝඨා ජනපති කළේ සජිත් අනුර ඇතුළු නිවටුන් 34 දෙනෙක්…!

December 2, 2021 at 4:27 am | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කොමිසමේ සාමාජික හුල් මහතාව බිය වද්දා ඔහුගේ කට වසා ඔහුව නිහඬ කළේය. ඇමරිකානුවකු වූ ඝෝඨාභයගේ නාමයෝජනාවට විරෝධතා ඉදිරිපත් කර ඔහු ජනාධිපති මැතිවරණයෙන් ඉවත් කිරීමට අපේක්ෂකයෝ රැසක් සුදානමින් සිටින බවට හූල් මහතාව රැවටීය.

(දේශප්‍රියට එරෙහිව මහජන අයිතිය බලගන්වමින් ක්‍රියාකාරී නීතිඥ නාගානන්ද විසින් දුෂණ අපරාධ යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේදී හුල් මහතා මේ බව දිවුරුමක් මත ලබා දෙන ලද සාක්ෂියකින් අධිකරණය වෙත දන්වා ඇත. මෙම නඩු (SC/Writs /05/21) විභාගය පෙබරවාරි මස 21 වන දිනට කල් දමා ඇත.

ජනාධිපති මැතිවරණයට තරඟ කල සජිත් හා අනුර කුමාර අනුගමණය කරමින් අනෙක් අපේක්ෂකයින් 32 දෙදෙනාද ඝෝඨාභය හමුවේ දනින් වැටිණ. අද රටම විඳවන්නේ එයින් එකෙකුටවත් ඝෝඨාභයගේ නීති විරෝධී නාම යෝජනාව අභියෝග කර ඔහුව ජනාධිපති මැතිවරණයෙන් ඉවත්කිරීමට කශේරුවක් නොතිබූ නිසාය.

හදිසි අවස්ථාවක පාවිච්චි කිරීමට ඇප තැන්පත්කර චමල් රාජපක්ෂ සුදානම් කර තිබිණ. නමුත් නිවටුන් 34 ක් නිවට කමට ඇඹරෙනු දුටු ඔහු නාමයෝජනා භාර දීමෙන් වැළකී ජනාධිපති මැතිවරණයෙන් ඉවත් විය.

ජනාධිපති මැතිවරණයෙන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුවට 2/3 ක් ලබාදීමට පාර කපුවේද, ඉන් අනතුරුව 20 ක් සම්මත කර අධිකරණය විධායක ජනාධිපති හමුවේ දණ ගැස්වීමට පමණක් නොව අඩුම ගන්නේ ඡන්දයටවත් ඉදිරිපත් නොවූ ඇමරිකානුවකු වූ බැසිල්ට පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් ඇතුල්වීමට ඉඩ සලස්වනු ලැබුවේද එම නිවටුන් 34 දෙනා විසිනි.

නාගානන්ද කොඩිතුවක්කු

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *