ගෝඨා ගෝ හෝම් කියන්නේ රට බංකොලොත් වන තරමට රාජ්‍ය දේපළ හොරා කෑ නිසයි…! – ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි…

June 1, 2022 at 11:29 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මුළු රට ම එක හඬින් ගෙදර යන්න කියන්නේ මුළු රට ම බංකොලොත් වන තරමට රාජ්‍ය දේපළ සොරා කෑ නිසා යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

ඥාතීත්වය, මිතුරුකම් නොතකා සොරාගත් ධනය නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා ගැනීමට ජනාධිපතිවරයා දැන්වත් කටයුතු කළ යුතු යැයි එහිමියෝ අවධාරණය කරති.

තව පැයක් හෝ බලයේ රැඳී සිටීමට අවශ්‍ය නම් හොරු පමණක් නොව 09 වෙනිදා ප්‍රහාරයට වගකිව යුතු පිරිස ද අත්අඩංගුවට ගතයුතු බව ඕමල්පේ හිමි සඳහන් කරති.

රාජ්‍ය බැංකුවලිනන් ඇතැම් කණ්ඩායම් අතිවිශාල ණය මුදල් ලබා ගෙන ඒවා නොගෙවා සිටීමට ද හේතුව ජනාධිපතිවරයා සතු අසීමිත බලය බවයි, එහිමියන් ප්‍රකාශ කළේ.

එහෙයින් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ජනාධිපතිවරයා සතු අසීමිත බලතල කප්පාදු කර එම බලය පාර්ලිමේන්තුවට ලබා ගැනීමට අගමැතිවරයා කටයුතු කළ යුතු බව ද ඕමල්පේ හිමි වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *