“ගෝඨා ගෝ හෝම්” කියන එක වහා ම නතර කළ යුතුයි…! – ගීතා…

April 21, 2022 at 4:56 pm | by emanisa.lk

“ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේ දී ඇය මේ බව පැවසුවාය.

ඡන්දයක් ආවාට පසුව ගෝ හෝම් කියන්නැයි කී රාජ්‍ය අමාත්‍යවරිය සිරිමාවෝ මැතිනිය ගෙදර පළයං කියනකොට ගියාද?ප්‍රේමදාස මැතිතුමා හෝ ජයවර්ධන මැතිතුමා ගෙදර පලයං කියනකොට ගියාදැයි ප්‍රශ්න කළාය.

තරුණ දරුවන් මානසික වියවුලෙන් ගැලවෙන්නට ගෝල්පේස් පිටියට පැමිණීම ගැන කනගාටු වෙන නමුත් මේවායේ ඇතුළත තිබෙන සමහර දේවල් දිහා බලද්දී මේ දරුවන් විකුණා ගෙන කන විදියේ කල්ලියක් තිබෙන බව පෙනෙන්නේ යැයි ද රාජ්‍ය ඇමැතිවරිය අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *