ගෝඨා ගෝ හෝම් සටන් පාඨය සමඟ සියලු දෙනා ම සටන් කළ නමුත් ගෝඨාභය ගියාට පසු සිදුවන දේ සම්බන්ධයෙන් සියලු දෙනාට ම එකඟතාවකට පැමිණීමට බැරි වූ බව ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්රිනී ආචාර්ය හරිනි අමරසුරිය සඳහන් කරයි.
එය එක අතකින් අරගලයේ පැවති දුර්වලතාවක් බව ද ආචාර්ය අමරසූරිය පවසයි.
පවතින තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට නම් ගෝඨාභය ගෙදර යැවීම පමණක් නොව පාර්ලිමේන්තුවේ සංයුතිය ද වෙනස් විය යුතු බවත් ඇය සඳහන් කළාය.
ජන හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.