ගෝඨාභය වගේ රාජ්‍ය නායකයෙක් ඉතිහාසයේ ම නෑ…! ඔහු ඉවත් කිරීම මැරෙන්න කලින් හැමෝට ම අඬන්න වෙයි…!

September 19, 2022 at 6:45 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමට දායක වූ සියලු දෙනාට මැරෙන්න මොහොතක් තබා හෝ ඒ පිළිබඳ පසුතැවීමට සිදුවනු ඇතැයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු වැනි රාජ්‍ය නායකයෙකු ඉතිහාසයේ කිසිම දිනක සොයා ගත නොහැකි බවයි, හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එදා ජනාධිපති මන්දිරය වැටලූ අවස්ථාවේ ජනාධිපතිවරයා එක නියෝගයක් ලබා දුන්නේ නම් අරගලයට පැමිණි 500-1000ක් වෙඩි කා මිය යනු ඇතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය.

අද වන විටත් ජනතාව එය අවබෝධ කරගෙන ඇති බවත් අරගලයට නායකත්වය දුන් ජවිපෙ සහ පෙරටුගාමීන් පසුගියදා හයිඩ් පිටියේ පැවැත්වූ ජන රැලියට තුන් සියයක් සොයා ගැනීමට නොහැකි වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *