අරගලකරුවෝ ජනපති මැදුර වටලති…!

July 9, 2022 at 1:25 pm | by emanisa.lk

කොළඹ චැතැම් වීදිය ඔස්සේ පා ගමනින් පැමිණි අරගල කරුවන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන පිවිසුම වෙත ළඟා වූහ.

ඔවුන් එම ස්ථානයේ සිට විරෝධතාවයේ නිරතව සිටින අතර පිරිසක් මන්දිරය ඇතුළට ද පිවිස ඇතැයි වාර්තා වෙයි.

අරගල භූමිය ඇතුළු සෙසු ස්ථානවල රැඳී සිටින විරෝධතාකරුවන් මේ අවස්ථාවේදී කොටුව ජනාධිපති මන්දිරය වෙත ළඟා වෙමින් පවතී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *