ගෝඨාභය උතුරු කොරියාවේ නායකයා වගේ..! ජනතාව කළුවරේ තුන්වේල කන්න නැතිව ඉන්නවා…! ආණ්ඩුව ණයට ගත් තෙල් ටිකෙන් ගුවන් කරණම් ගහනවා..! – අලවතුවල…

February 6, 2022 at 1:19 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරන ආණ්ඩුවක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසයි.

රටේ ප්‍රශ්නවලට හේතුව කොවිඩ් නොව ආණ්ඩුවේ උද්දච්චකම සහ වැරදි කළමනාකාරීත්වය බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා සහලින් ස්වයංපෝෂිතව පැවැති රටේ වී අස්වැන්න 60%ක් අහිමි වී ඇති බවත් 74 වන නිදහස සමරන විට සහල් පිට රටින් ගෙනෙන තැනට රට ඇද දමා ඇති බවත් අලවතුවල සඳහන් කරයි.

රටේ ජනතාව තුන්වේල නොමැතිව ඉන්ධන නොමැති නිසා විදුලිය නොමැතිව කළුවරේ සිටින රටේ ඉන්ධන වියදම් කරමින් ගුවන් කරනම් සංදර්ශන දමමින් නිදහස සමරමින් ඇතැයි ද හෙතෙම කියයි.

උතුරේ කොරියාවේ ජනතාවට කන්න නැති වුව ද නායකයා හමුදා සංදර්ශන දමමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එය බවත් ජේ.සී. අලවතුවල වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *