ගෝඨාණ්ඩුව පළවා හැර යහපාලනාණ්ඩුවක් හදනවා..! මුස්ලිම් අමාත්‍යවරු අරාබියට යවා ණයට තෙල් ගන්නවා..! – රාජිත…

June 24, 2022 at 6:57 pm | by emanisa.lk

රට පුරා සිටින අරගලකරුවන් එකතු කර ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පළවා හරින මහා අරගලයක් දියත් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

රට හමුවේ ඇති කිසිදු ප්‍රශ්නයක් විසඳාලීමට ආණ්ඩුවට නොහැකි බවයි, හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ.

වර්තමාන ආණ්ඩුවට කිසිදු ජාත්‍යන්තර සහායක් නොලැබෙන බව ද වර්ගවාදී ආගම්වාදී ආණ්ඩුවලට මැදපෙරදිගින් තෙල් කඳුලක් හිමි නොවන බව ද ඔහු සඳහන් කළේය.

ගෝඨා ආණ්ඩුව පළවා හැර සර්වපාක්ෂික යහපාලන ආණ්ඩුවක් තනා එහි මුස්ලිම් අමාත්‍යවරුන් මාර්ගයෙන් අරාබි රටවලින් ණයට තෙල් ගැනීමට කටයුතු කරන බව ද රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *