පාර්ලිමේන්තුවේ 2/3කට වඩා බලය ලැබුණු ආණ්ඩු මේ රටේ තිබූ බවත්, ඔවුන් මෙරට ජනතාවට සිදු කළ දෙයක් නැති බවත් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
1977 ජේ.ආර්. ජයවර්ධන 5/6ක බලයක් ලැබූ බව කියා සිටින ඔහු එම බලය පාවිච්චි කර 1977 සිට 1989 දක්වා අවුරුදු 12ක් මේ රට පාලනය කළ ද රටට සිදු වූ යහපත කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය.
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ නායක අනුර දිසානායක මේ බව කියා සිටියේ ඊයේ (2) කොළඹදී පැවැති අවසන් රැස්වීමට එක් වෙමිණි.
මෙරට පාලකයන්ට ජනතාවගේ ජීවිතවලට වඩා වටින්නේ පවුල් බලය බව කියා සිටින ඒ මහතා කොවිඩ් නිසා රැකියා අහිමි වූ විදෙස් ශ්‍රමිකයන්ට වෙළඳ කලාපවල සේවක සේවිකාවන්ට ව්‍යාපාරවල ආදායම් අහිමිවූවන්ට වගකියන්නේ කවුදැයි ප්‍රශ්න කර සිටියේය.