ගෝඨාගෝගම අරගල භූමියේ චිත්‍ර ශිල්පියා අත්අඩංගුවට…! හම්බ කරන් කෑ තැන ලක්ෂ ගණනක බඩු උස්සලා..!

March 7, 2023 at 12:58 pm | by emanisa.lk

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකින් පාපැදි 12 ක් ඇතුළු රුපියල් ලක්ෂ විසිපහක පමණ වටිනාකමක් ඇති භාණ්ඩ සොරාගත් බව කියන ගෝඨාගෝගම අරගල භූමියේ සිටි චිත්‍ර ශිල්පියකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ මෙම සැකකරු ඒ සියලු මුදල්වලින් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පානය කර තිබෙන බව ද පොලිසිය පවසයි.

පාපැදි 12 ට අමතරව ලැප්ටොප් පරිගණකයක්, පරිගණක යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ සොරකම් කර තිබෙන බවට කොම්පඤ්ඤවීදිය වොක්ස්හෝල් වීදියේ පිහිටි චීනයෙන් භාණ්ඩ ආනයනය කර බෙදාහරින ආයතනයක හිමිකරුවකු විසින් කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව විමර්ශන සිදුකළ කොම්පඤ්ඤවීදිය පොලිසිය විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුපතගම ඇතිගේ පුබුදු රත්නසේකර නමැති 32 හැවිරිදි පුද්ගලයෙකි. මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු ද වන සැකකරු මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ අයකු බවත් මොහු පැමිණිල්ල සිදුකළ ව්‍යාපාරික ස්ථානයේ සේවය කර ඇති බවත් විමර්ශන මගින් හෙළි වී ඇත.

සේවා කළ ස්ථානයේ හිමිකරු ද ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලයේ කුටියක් ඉදිකර තිබෙන බවත් එහි රඳවා ඇත්තේ මෙම සැකකරු බවත් ඔහු එහි සිට අරගල භූමියේ චිත්‍ර ඇඳ ඇති බවත් පොලිසිය පවසයි.

සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී සැකකරු විසින් සොරාගත් පාපැදි 11 ක් කොම්පඤ්ඤවීදිය අවට ප්‍රදේශවල පුද්ගලයන්ට විකුණා තිබිය දී සොයාගෙන ඇත. සැකකරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

– Aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *