අද හවස 4.30ට පමණ ගාලු මුවදොර විරෝධතා භූමියේ දී ජාතික ගීය දෙමළින් ගායනා කර තිබේ.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ද නිදහස් උලෙළේ ජාතික ගී දෙමළින් ගායනා කළ අතර ඒ සඳහා දැඩි විරෝධයක් නැගිණි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වූ පසු එය නතර කර දැමිණි. අද මෙලෙස දෙමළ බසින් ජාතික ගීය ගායනා කරද්දී කැනඩාවේ ඊළාම් රාජ්‍යයක් උදෙසා උද්ඝෝෂණ පැවැත්විණි.
දෙමළින් ජාතික ගීය ගැයෙද්දි සමලිංගික අයිතීන් සංකේතවත් කරන දේදුණු කොඩිය ද ප්‍රදර්ශනය කරනු දැකගත හැකි විය.