ගෝඨාගේ කාලේ සතියට දෙවරක් කොළඹ වැටලූ අනුර රනිල්ගේ කාලේ කොළඹ ආවේ එක පාරයි…! – දිලිත්…

September 16, 2024 at 7:14 pm | by emanisa.lk

ගෝඨභය පාලන සමයේ සුමානයට දෙවරක් ගාලු මුවදොරට පෙළපාළියෙන් පැමිණි අනුර දිසානායක පසුගිය වසර දෙකේ ම පෙළිපාළියක් කැඳවුයේ එකම වරක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

“දැන් කොරගත්තා මදැයි වෙනසක් ඉල්ලලා. දැන් වෙනසක් ලැබිලා තියෙනවා. ඔහු කියන්නේ එහෙමයි. ඒ නිසා මට දෙන්නලු… ඔහුගේ කල්‍යාණ මිත්‍රයා අනුර කුමාර ඔහුට ප්‍රසිද්ධියේ කල්‍යාණ මිත්‍රයා කියන්න එපාලු.

පහුගිය අවුරුදු දෙකේ ජනතාවගේ ජීවන මට්ටම පහළට ම වැටෙන කොට අර ඉස්සර අනුරලා හැමදාම සුමානේට දෙසැරයක් ගාලු මුවදොරට ගෙනාපු පෙළපාලි එකක්වත් ආවද? එකකවත් ආවේ නෑ.

එයාලා දෙන්නා කතා කරගෙන එකම පෙළපාලියක් විහාරමහා දේවී පාක් එකට ආව. පාර්ක් එකේ මුලට එද්දි යාළුවෝ දෙන්නා කතා කරගත්තා මට වතුර ගැහුවම මේ ගේට්ටුවෙන් යන්නම් කියලා. පෙළපාලියේ ආපු ජනතාව මේ පිටපත දන්නේ නැතුව ඉදිරියට ගියාම පොලීසියෙන් ගැහුවා.

බලද්දි පිටපතින් පිට ගිහින් වැඩේ. මේ විකාර රූපී නාඩගම් දේශපාලනය තමයි අද තියෙන්නේ. මේ දෙන්නා වේදිකා දෙකකට නැඟලා දෙන්නට දෙන්නා විහිළු කරගන්නවා. හවසට අපි මේ විහිළු බලනවා.”

අද (16) මොනරාගල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, ඇතැම් දේශපාලන නායකයින් වේදිකාවල එකිනෙකාට විහිළු සපයමින් සිටින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *