ගොවි උද්ඝෝෂණ තියෙන්නේ පොළොන්නරුවේ විතරයි…! සල්ලි දීලා උද්ඝෝෂණ කරවන්නේ කවුද කියල අපි දන්නවා..! – මහින්දානන්ද…

September 21, 2021 at 1:23 pm | by emanisa.lk

වී මිල සම්බන්ධයෙන් ගොවි උද්ඝෝෂණ පැවැත්වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මේ රටේ සහල් මාෆියාව ක්‍රියාත්මක වන්නේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙම උද්ඝෝෂණ සඳහා මුදල් ලබා දෙන පිරිස පිළිබඳ තමන් දන්නා බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

ආණ්ඩුව පවසා ඇත්තේ නාඩු වී කිලෝවක් රු. 55ට අඩුවෙන් මිලයට ගැනීමට නොහැකි බව හෙයින් ඊට වඩා වැඩි මිලට වී මිල දී ගැනීම ආණ්ඩුවට ගැටලුවක් නොවන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

එහෙයින් ගොවි ජනතාව ආණ්ඩුවට ඇඟිල්ල දික් කිරීමේ පදනමක් නොමැති බවත් මහින්දානන්ද අලුත්ගමගේ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස