ගොවියා කාබනික පොහොරවලට හුරු කිරීම සැලැස්මක් ඇතිව කළේ නම් සාර්ථක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා පවසයි.
මන්ත්රීවරයා පෙන්වා දුන්නේ මෙතෙක් කල් ගොවි ජනතාව රසායනික පොහොර නමැති කලිසම හැඳ සිටි බවත්, සරමක් නොදී එක්වරම කලිසම ගැලවීමෙන් සියල්ලන්ම හෙළුවෙන් සිටින බවත්ය.
ඒ නිසා කලිසම ගැලවීමට පෙර සරමක් මසා දුන්නේ නම් හෙළුවෙන් සිටීමට සිදු නොවන බව ද ඔහු කීය.
දැන් කළ යුතුව ඇත්තේ නැවත කලිසම ඇඳගෙන වසවිස කෑම නොව අණ්ඩ මැසූ සරමක් හෝ ලබා දීම බවත් ආණ්ඩුව සිටින්නේ එම ස්ථාවරයේ බවත් ඩිලාන් පෙරේරා ප්රකාශ කළේය.