රට පුරා තොරතුරු ලබා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ටත් කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීන්ටත් ටැබ් පරිගණක 10,000 ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම ටැබ් පරිගණක ලබා දීමෙන් පසු අමාත්‍යංශයේ කෘෂිකර්ම දත්ත ගබඩාවක් ස්ථාපිත කෙරෙන අතර එළඹෙන දෙසැම්බර් මාසය වන විට මෙම දත්ත පද්ධතියේ කටයුතු 50%ක් නිම කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය.
මෙම දත්ත පද්ධතිය ක්‍රියාවට නැංවීමෙන් පසු දිවයිනේ කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඒ මොහොතේ පවතින තොරතුරු ක්ෂණිකව අනාවරණය කර ගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.