ගෙවිඳුගේ සටනට ජයක්… EPF පොලිය ඉහළට…!

April 28, 2024 at 7:59 pm | by emanisa.lk

අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය 2023 වසරේ සිට සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා පවසයි.

යටියන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මේ බව පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ගේ පොලිය සියයට 9 ක් දක්වා අඩු කළ බවත් සේවක අර්ථසාධක අරමුදල 2023 වසරේ ඉහළ ලාභාංශයක් ලැබීම හේතුවෙන් එසේ පොලී ප්‍රතිශතය ඉහළ දැමූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙම පොලී ඉහළ නැංවීම සිදුවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අර්ථ සාධක අරමුදලේ පොලිය ඉහළ නැංවීමට හැකි බව මහ බැංකු දත්ත අනුව පෙනී යන්නේ යැයි ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *