මහ බැංකුව ස්වාධීන කිරීම නුසුදුසු බව නිලධාරීන් ක්‍රියාවෙන් ඔප්පු කළා..! ගෙවිඳු…

March 7, 2024 at 12:01 pm | by emanisa.lk

මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා ස්වාධීනව කටයුතු කිරීමට බලය ලබා දුන්න ද සිය වැටුප් සම්බන්ධව ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දීම සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ආර්ථිකය යහපත් මට්ටමක පැවැති කාලවල පවා නොකළ මට්ටමින් මහ ජනතාව දුක් පීඩා විඳිද්දී මහ බැංකු නිලධාරීන් සිය වැටුප් වැඩි කර ගෙන ඇති බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් ද මහ බැංකුව කටයුතු කර ඇත්තේ මේ ආකාරයට ම බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

සේවක අර්ථ සාධක අරමුදලට 9%ක පොලියක් ලබා දුන් මහ බැංකුව තම අර්ථ සාධක අරමුදලට 29%කට වැඩි පොලියක් ගෙවා ගෙන ඇති බව ද ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට මහ බැංකු නිලධාරීන් කැඳවා සිය වැටුප් ඉහළ නංවා ගැනීම පිළිබඳ සිදුකළ සාකච්ඡාවේ දී හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *