ගෙදර කරන්ට් කපන්න ආවොත් ගහල එළවන්න..! – රංජන් ජයලාල්..

December 29, 2022 at 6:04 am | by emanisa.lk

ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගත්හොත් විදුලි බිල ගෙවීම පැහැර හරින නිවෙස්වලට විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිය සේවකයන් නොයන වන බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසයි.

එවැනි විදුලි ගාස්තු ඉහළ දැමීමත් තිබිය දී විදුලි සේවයන් විදුලි සැපයුම විසන්ධි කිරීමට ගිය හොත් ජනතාවගේ ප්‍රතිචාරය භයානක වියහැකි බවත් එසේ වුවහොත් විදුලි සේවකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වන බවත් හෙතෙම  වැඩි දුරටත් කීය.

ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජයලාල් එසේ අද (28) පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *