ගෙදර අයට කොවිඩ් නැත්නම් ගෙදර මැරෙන අයගේ සිරුරු ඥාතීන්ට දෙනවා…! – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…

June 30, 2021 at 7:37 am | by emanisa.lk

නිවෙස් තුළ මිය යන පුද්ගලයින්ගේ ඥාතියෙකු හෝ අසල්වැසියෙකු කොවිඩ් ආසාදිතයෙකු නොවේ නම් එම පවුල් නිරෝධායනයට ලක්කර නොමැති නම් එම මරණ කොවිඩ් ආසාදිත නොවන මරණ සේ සලකා ඥාතීන් වෙත මුදා හැරීමට අවසර ලබා දී තිබේ.

පසුගිය කාලයේ නිවෙස්වල සිදුවන සියලු මරණ PCR සඳහා යොමු කළ ද ඒ අතරින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ස්වල්ප ප්‍රමාණයක් වීම නිසා මෙම තීන්දුව ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

ඒ අනුව ඉදිරියේ දී කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවන නිරෝධායනයට ලක්කර නොමැති සංචරණ සීමා පනවා නොමැති සහ කොවිඩ් ආසාදිත බවට සැකයක් නොමැති මරණ, මරණ පරික්ෂකට හෝ ග්‍රාම නිලධාරිවරයාට ඥාතීන් වෙත මුදා හැරීමේ බලය ලබා දී තිබේ.

කෙසේ වුව ද එම මරණ එම්බාම් කළ නොහැකි අතර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතු ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *