එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකා බලධාරීන්ට රුසියාව සාය ස්තුතිය පළ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව පවසයි.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ
“කොළඹ වාණිජ මහාධිකරණය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා තබා ගැනීම සඳහා ජූනි 2 වැනිදා ලබා දුන් වාරණ නියෝගය අද අත්හිටුවන ලදි.
අත්හිට වූ පසු ගුවන් යානය මොස්කව් බලා පියාසර කළ අතර මෙම තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලු ම රාජ්‍ය බලධාරීන්ට අපි ස්තූතිවන්ත වෙමු.”