ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් ආගමික අංශයේ ප්‍රධානියා ලෙස වහාබ් අන්තවාදියෙකු ලෙස ප්‍රකට මහරුෆ් නැමති මව්ලවිවරයෙකු පත්කිරීමට උත්සාහ කරන බව ආයතනයේ සේවකයෝ පවසති.
ඒ් පිළිබඳව මධ්‍යස්ථ මුස්ලිම් සේවකයින් පවා දැඩි විරෝධය දක්වන බව වාර්තා වෙයි.
සංස්ථා සභාපති ජගත් වික්‍රමසිංහ කුමන හෝ ආකාරයකට පොළඹවා ගැනීම මගින් මෙම පත් කිරීම සිදු කිරීමට බාහිර අන්තවාදී බලවේගයක් කටයුතු කරමින් සිටින බවට සේවකයන්ගෙන් චෝදනා එල්ල වෙයි.