ගුරුන්ටත් අකුරු වරදිනවා…! – අධ්‍යාපන නි. ඇමති…

July 23, 2025 at 7:52 pm | by emanisa.lk

ඕනෑම අයකුට යම් ප්‍රකාශයක් කරන විට වැරදීමේ හැකියාවක් ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

මේ වන විට තමන්ගේ වචන දෙකක වැරැද්දක් අල්ලා ගෙන ලොකු ඝෝෂාවක් නඟමින් ඇතැයි ද ඉදිරියේ දී එවැනි වැරදි පවා නොකර සිටීමට පරිස්සම් වන බව ද හෙතෙම අවධාරණය කරයි.

ගුරුන්ටත් අකුරු වැරදිය හැකි බවත් මෙවැනි කටයුතුවලින් තමන් අධෛර්යමත් කළ නොහැකි බව ද මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (22) පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේ ලෝවැඩ සඟරාවේ ‘කරන කලට පව් මීරිය මී සේ’ කවිය වැරදීම සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *