ඡන්දයට පෙර ලබන මස 8, 9 වන විට විදුලිය කප්පාදුව, ඉන්ධන පෝලිම් වැඩි කර රටේ ආර්ථික අර්බුදයක් ඇති කිරීමට සමහර කණ්ඩායම් කුමන්ත්‍රණ කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සමහර කොමිෂන් සභාවල සිටින ඇතැමුන්ද ඒ දේශපාලන ව්‍යාපාරය කළ බව ඔහු සඳහන් කළේය.
ගිය අවුරුද්දේ උසස් උසස් පෙළ කාලයේ පැය හතහමාරක් විදුලිය කැපූ බව සමහරුන්ට අමතක යැයි පැවසූ අමාත්‍යවරයා පෝලිම්වල ජනතාව දවස් දෙක තුන සිටි බව ද ප්‍රකාශ කළේය. ඒ ප්රශ්නය කළමනාකරණය කර ගැනීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය.
විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වියදම් ද කළමනාකරණය කරගත යුතු බවත් ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හඳුන්වාදී ඇත්තේ ඒ සඳහා බවත් ඇමැති කංචන විජේසේකර පැවසීය. සමහර ඒ කටයුත්තටත් විරුද්ධ බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.