ගෑස් සමාගම් මට්ටු කරන්න ආණ්ඩුව සූදානම්…! ඛනිජ තෙල් සංස්ථාවෙන් නව ගෑස් සමාගමක්….!

August 12, 2021 at 2:41 pm | by emanisa.lk

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ හරහා එල්.පී. ගෑස් වෙළඳපළට නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිලට බලය පවරා තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවෙන් සියයට 05ක් පමණ ප්‍රමාණය ලිට්‍රෝ සහ සහ ලාෆ් ගෑස් සමාගම්වලට ලබාදෙන අතර ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීම බලශක්ති අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

ඒ සමගම දේශීය ගෑස් අවශ්‍යතාවෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඇති බවත් නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරගකාරී මිල ගණන් යටතේ වෙළඳපොළට එල්.පී. ගෑස් ලබාදීමට ලබාපොරොත්තු වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *