ගෑස් මිල ඉහළට…! නව මිල මෙන්න…!

September 4, 2023 at 12:11 pm | by emanisa.lk

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත් පිරිස් පවසයි.

සභාපතිවරයා සඳහන් කළේ, ගෑස් මිල මාසිකව සංශෝධනය කරන අතර ලෝක වෙළෙඳපොළේ මිල සැලකිල්ලට ගනිමින් මෙවර මිල සංශෝධනයේ දී එහි සැලකිය යුතු වැඩිවීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,127කි. කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 58කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,256කි. කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587කි.

ලිට්‍රෝ ගෑස් සමාගම අවසන් වරට කළ මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204කින් පහළ දැමූ අතර එය වෙළෙඳපොළේ රු. 2,982කට අලෙවි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *