සමාගම් වතු ප්රතිසංස්කරණ, තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්රවර්ධන රාජ්ය ඇමති කනක හේරත්ට ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාව ප්රහාරයක් එල්ල කර තිබේ.
අද (21) උදෑසන මෙම සිදුවීම හටගෙන ඇත්තේ කෑගල්ල රංවල අලුත් පාර හංදිය ආසන්නයේ දීය.
කෑගල්ල දිස්ත්රික්කයේ ලිට්රෝ ගෑස් බෙදා හැරීමේ ප්රධාන නියෝජිතයා වන පාර්ලිමේන්තු මන්ත්රී කනක හේරත් අද උදෑසන කෑගල්ල රංවල හන්දිය පසුකර යාමේ දී ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි ජනතාව ඔහු ගමන් ගත් රථයට විරෝධය පා ඇත.
මෙහි දී පාර්ලිමේන්තු මන්ත්රීවරයා රථය නොනවත්වා ධාවනය කිරීමට උත්සහ දරා ඇති අතර එහි දී ගෑස් පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ඔහු අත තිබූ ගෑස් සිලින්ඩරයකින් එම රථයට පහර දුන් බව ද වාර්තා වෙයි.