ජනපති යළි වැඩ…! ගෑස් බෙදන්න උපදෙස් දෙයි…!

July 10, 2022 at 2:21 pm | by emanisa.lk

ගෑස් ගොඩ බෑම සහ බෙදා හැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට අද (10) උපදෙස් දී තිබේ.

ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් පළමු නෞකාව අද (10) මෙරටට ළඟාවූ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3740 ක් රැගත් දෙවෙනි නෞකාව පස්වරුවේ පැමිණීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3200ක් තෙවැනි නෞකාව ලබන 15 වැනි දා මෙරටට පැමිණෙන බව ද එම කාර්යාලය සඳහන් කරයි. මේ මාසය සඳහා ඇනවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 33,000කි.

ගෑස් බෙදාහැරීම ලබන 12 වැනිදා සිට සාමාන්‍ය පරිදි සහ ක්‍රමානුකූලව සිදු වන අතර ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවැති ගැටළුව මේ මස අවසන් වන විට සම්පූර්ණයෙන්ම මග හැරෙන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *