මේ වන විට ලාෆ් ගෑස් වෙළෙඳපොළේ නොමැති නිසා එම සිලින්ඩර්වලට ලිට්රෝ ගෑස් සිලින්ඩර් ලබා දීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එම සමාගමට උපදෙස් දී තිබේ.
සිලින්ඩරය පාරිභෝගිකයා සතු බවත් එහෙයින් හුවමාරුවේ දී නීතිමය ගැටලුවක් පැන නොනඟින බවත් ඔහු පෙන්වා දී තිබේ.
ලාෆ් සමාගම නැවත ගෑස් ආනයනය කළ පසු අදාළ සමාගමට ගෙවීම් සිදුකර නැවත සිලින්ඩර් ලබා ගතහැකි බව ද ඇමැතිවරයා පෙන්වා දී තිබේ.
ඊයේ (09) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඇමැතිවරයා මේ බව පවසා තිබේ.
මේ අනුව 25%ක් පමණ වන ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට සිය කහ පාට සිලින්ඩර් ලබා දී නිල්පාට ගෑස් සිලින්චර ලබාගත හැකි ය.
කෙසේ වුව ද ඉල්ලුම ඉහළ යාම සමඟ ලිට්රෝ ගෑස් හිඟයක් ද මේ වන විට ඇතැම් ප්රදේශවල දක්නට ලැබේ.