ගෑස් අනතුරු ඉහළ ගියේ ඇයි..? ගෑස්වල ප්‍රමිතිය අඩු කරල ද..? රට පුරා ගෑස් සාම්පල ගනී…!

November 28, 2021 at 2:07 pm | by emanisa.lk

වෙළෙඳපොළ තුළ ඇති ගෑස්වල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා දිස්ත්‍රික්ක 7 කින් සාම්පල ලබාගෙන තිබේ.

ගෑස්වල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා මෙලෙස සාම්පල ලබා ගත් බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

ගෑස් සම්බන්ධයෙන් සාමාන්‍ය තත්ත්වයට වඩා දෙයක් පසුගිය කාලයේ රට තුළ අනතුරු සිදුවූ බව රාජ්‍ය අමාත්‍යවරයා පිළිගනී.

ගෑස්වල ප්‍රමිතිය පරීක්‍ෂ කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වගකීමක් නිසා ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට එම ආයතනය එකඟ වූ බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *