ගාල්ල පරදන එන්නත් කොල්ලයක් හලාවත….! ගමේ අසරණ ජනතාව උදේ 4 සිට පෝලීමේ…! කාර්වලින් ආ VIP දරු පැටවුන්ටත් එන්නත්…! එන්නත්කරණය දූෂිත නිලධාරීන්ට ගොදුරු වෙයි….!

August 26, 2021 at 2:36 pm | by emanisa.lk

හලාවත කුක්කවිල පාසලේ දෙවන එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී අද (26) නොසන්සුන්තාවත් ඇති විය.

ඒ අදාළ එන්නත්කරණ මධ්‍යස්ථානයට වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ ආධාරයෙන් ප්‍රදේශයේ නොවන කණ්ඩායම් පැමිණ එන්නත් ලබා ගැනීමත් සමඟ ය.

මෙලෙස පැමිණි කණ්ඩායම්වලට කිසිදු පෝලිමක නොසිට එන්නත් ලබා ගැනීමට එහි සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවස්ථාව ලබා දුන් අතර ප්‍රදේශයේ ජනතා උදෑසන 4 සිට පෝලිම්වල සිටින බව වාර්තා විය.

එහි විශේෂත්වය වූයේ මෙතෙක් එන්නත් ලබා නොදෙන වයස අවුරුදු 15-16 දරුවන්ට පවා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිය දැන හැඳුනුම්කම් අනුව එන්නත් ලබා දීමය.

මෙහි පැමිණි වාහනවල වෙනත් පළාත්වල සිට පැමිණි බව ඒවායේ අංක තහඩුවලින් තහවුරු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස