ගල් අඟුරු ආනයනයෙන් රජයට කෝටි 12ක දැවැන්ත පාඩුවක්…!

October 8, 2021 at 9:08 am | by emanisa.lk

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේදී වැට් බද්ද වෙනුවට අතිරේක බද්දක් අය කිරීම හේතුවෙන් 2016 වසරේ දී රජයට රුපියල් කෝටි දොළහකට අධික ආදායමක් අහිමිව ඇතැයි රජයේ ගිණුම් පිළිබද කාරක සභා වාර්තාවේ සඳහන් වේ.

වැට් බදු ගණනය කිරීමේදී රුපියල් කෝටි දහ අටකට අධික බදු මුදලක් අඩුවෙන් ගණනය කර ඇති අතර, ඒ සඳහා මේ අතිරේක බද්ද අය කර ගෙන නැති බවද වාර්තාවේ සඳහන් වේ.

වැට් බදු අඩුවෙන් ගණනය කර ගෙවා තිබීම සම්බන්ධයෙන් කළ රේගු විමර්ශනයේදී රුපියල් කෝටි විස්සක දඩයක් පනවා තිබේ.

අඩුවෙන් ගණනය කරන ලද මේ වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අය කිරීම වෙනුවට දණ්ඩනයක් ලෙස අය කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 125.5 ක ආදායමක් අහිමි වීම සම්බන්ධයෙන්ද කාරක සභා වාර්තාව කරුණු දක්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *